Tuesday, August 31, 2010

මර්වින් සිල්වා ඇස් බැන්දුම - ලාංකීය ජීවිතයේ ඛේදවාචකය

ඔබ සිනාසෙන බොහෝ දේ මට හැඩීමට කාරණාය - චාලි චැප්ලින්

මර්වින් සිල්වා නාඩගම බොහෝ දෙනා පුරෝකතනය කල ආකාරයටම මර්වින් නිදොස් කර නිදහස් කර තිබේ. මර්වින් සිල්වා සමෘද්ධි නිළධාරියා ගස් බදිනු දෙනෝ දාහක් විද්‍යුත් මාධ්‍යය ඔස්සේ බලා සිටියේය. ඉතින් ඒ ගස් බැන්ද නිළධාරියාම තමන් ස්වේච්ඡාවෙන් ගස් බැදුණු බවට ස්වේව්ඡාවෙන්ම කට උත්තරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවට වාර්තා දී ඇත.

මේ මිනිසාගේ ස්වේච්ඡා ගස් බැඳ ගැනීම අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ධනවාදය තුල අපට අපගේ ශරීරය, සිතුම් පැතුම්, නිශ්පාදනයට ඇති සබඳතාව කොටින්ම අපගේ ජීවිතයම අපෙන් වියෝකර ඇති බවය. මෙම මිනිසා තමා ස්වේච්ඡාවෙන්ම ගස් බැදීම තොරා ගත්තත් පැහැදිලි වන්නේ එයයි. (නමුත් ඔහු ස්වේච්ඡාවෙන් ගස් බැඳුණු බව අදහන කිසිවෙක් ලංකාවේ සිටිතැයි නොසිතමු).

මෙම ගස් බැදීම වාර්තා කල ස්වර්ණවාහිණී ආයතනයේ ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ ජොලි හිනාව දක්වන්නේ ඔහුද ගස් බැඳ ඇති බවයි. තමන් වැනිම වූ තම බඩ වියත සඳහා සුලු රැකියාවක නිරත වන පුද්ගලයෙකුට වන අකරතැබ්බියේදී හිනා යාම හෝ හිනාවීමට බලකිරීම මගිනි.

මේ සියල්ල දක්වන්නේ අපගේ ජීවිත වල ඛේදය නොවේද? අප මේ ජීවිතයෙන් ඔබ්බට ජීවිතයක් නොදකින්නේද? ජීවිතය යනු මහෝඝ්‍ය සම්පන්න දෙයකි. ධනවාදය - ඒ තුල කරකැවෙන මර්වින් සිල්වා වැනි ලුම්පනුන් හා එම ලුම්පනුන් පිටුපස සිටින ධනේශ්වරයේ මහ මොල කාරයෝද අපගේ ජීවිත ශෝකාන්තයක් බවට පත්කර ඇත.

ඉතින් චැප්ලින් ඔබ නිවරදියි -අප සිනාසෙන බොහෝ දේ අපට හැඩීමට කාරණාය

2 comments:

  1. ඇත්ත... වැටත් නියරත් ගොයම් කා නම්.....

    අපි කියලත් ඉතිං මක් කොරන්නද? අපේම උන් නෙව මුන් මැති ඇමතිවරු කරල තියෙන්නේ..

    ReplyDelete
  2. නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගෙ.....අපිට තමා අච්චු කොරන්නේ ඉතින්....God save King කැකිල්ලේ...:))...

    ReplyDelete