Tuesday, August 31, 2010

මර්වින් සිල්වා ඇස් බැන්දුම - ලාංකීය ජීවිතයේ ඛේදවාචකය

ඔබ සිනාසෙන බොහෝ දේ මට හැඩීමට කාරණාය - චාලි චැප්ලින්

මර්වින් සිල්වා නාඩගම බොහෝ දෙනා පුරෝකතනය කල ආකාරයටම මර්වින් නිදොස් කර නිදහස් කර තිබේ. මර්වින් සිල්වා සමෘද්ධි නිළධාරියා ගස් බදිනු දෙනෝ දාහක් විද්‍යුත් මාධ්‍යය ඔස්සේ බලා සිටියේය. ඉතින් ඒ ගස් බැන්ද නිළධාරියාම තමන් ස්වේච්ඡාවෙන් ගස් බැදුණු බවට ස්වේව්ඡාවෙන්ම කට උත්තරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවට වාර්තා දී ඇත.

මේ මිනිසාගේ ස්වේච්ඡා ගස් බැඳ ගැනීම අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ධනවාදය තුල අපට අපගේ ශරීරය, සිතුම් පැතුම්, නිශ්පාදනයට ඇති සබඳතාව කොටින්ම අපගේ ජීවිතයම අපෙන් වියෝකර ඇති බවය. මෙම මිනිසා තමා ස්වේච්ඡාවෙන්ම ගස් බැදීම තොරා ගත්තත් පැහැදිලි වන්නේ එයයි. (නමුත් ඔහු ස්වේච්ඡාවෙන් ගස් බැඳුණු බව අදහන කිසිවෙක් ලංකාවේ සිටිතැයි නොසිතමු).

මෙම ගස් බැදීම වාර්තා කල ස්වර්ණවාහිණී ආයතනයේ ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ ජොලි හිනාව දක්වන්නේ ඔහුද ගස් බැඳ ඇති බවයි. තමන් වැනිම වූ තම බඩ වියත සඳහා සුලු රැකියාවක නිරත වන පුද්ගලයෙකුට වන අකරතැබ්බියේදී හිනා යාම හෝ හිනාවීමට බලකිරීම මගිනි.

මේ සියල්ල දක්වන්නේ අපගේ ජීවිත වල ඛේදය නොවේද? අප මේ ජීවිතයෙන් ඔබ්බට ජීවිතයක් නොදකින්නේද? ජීවිතය යනු මහෝඝ්‍ය සම්පන්න දෙයකි. ධනවාදය - ඒ තුල කරකැවෙන මර්වින් සිල්වා වැනි ලුම්පනුන් හා එම ලුම්පනුන් පිටුපස සිටින ධනේශ්වරයේ මහ මොල කාරයෝද අපගේ ජීවිත ශෝකාන්තයක් බවට පත්කර ඇත.

ඉතින් චැප්ලින් ඔබ නිවරදියි -අප සිනාසෙන බොහෝ දේ අපට හැඩීමට කාරණාය

Sunday, August 29, 2010

ක්‍රෙඩිට් කාඩ් - අති භයානකයි, ප්‍රවේශම් වන්න

ක්‍රෙඩිටි කාඩ් කියන්නෙ නවීන තාක්ෂණයෙ නිමවුමක්නෙ. ඒ එක්කම ඒක මධ්‍යම පංතිය තුල පාවිච්චි වෙන්නෙ පැෂන් එකක් හැටියට. ඒත් මේක මර උගුලක්. ලංකාවෙ සාමාන්‍ය මධ්‍යම පංතිකයෙක් ගන්න රැපියල් 15000-25000 ක් අතර වැටුපක්. බොහෝ වෙලාවට මේකෙනුත් බර ගානක් විවිධාකාර ණය මුදල් වශයෙන් ගෙවීම තමයි සම්ප්‍රදාය. මේ අතරට තමයි ණය කාඩ්පතුත් එන්නෙ. මේව විකුනන්න එන ඒ ඒ බැංකුවල නියෝජිතයො කියන්නෙ මේකෙ හොදම තමයි. ඒ වගේම බැලූ බැල්මටත් පේනවා බොලේ මේක හොද ක්‍රමයක් වගේ. අද ගත්ත බඩු වලට සල්ලි වලට ගෙවන්න වෙන්නෙ මාස එකහමාරකින් විතර. කිසිම පොලියකුත් නැහැ. ඉතින් කෙලවෙන්න පටන් ගන්නෙ මෙතැනින් තමයි. අපිට බොහොම පාරිභෝගික අවශ්‍යතා තියෙනවා. අපි ඒව තදකරගෙන ඉන්නෙ ඒව ගන්න විධියක් නැති හින්ද. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එකක් ලැබුණු ගමන් මේ අපහසුව යම් ආකාරයකින් නැතිවෙනවා. ඉතින් අපි කොච්චර ආර්ථික විශේෂයින් උනත්, තම තමන්ගේ සකසුරුවම ගැන කොච්චර කයිය ගහන අය වුනත් මේ ණය උගුලට අහු වෙනවා. ඉතින් බඩු ගන්නවා. පොලී රහිතව ගෙවන්න ලැබෙන දින පහුවෙනවා. මෙන්න බොලේ පොලිය අහස උසට ගන්න පටන් ගන්නවා. කැඩිච්ච සිංහලෙන් ලෝකයේ දේශීය බැංකු වලින් ගැටිස්සියෝ කතා කරලා සල්ලි දාපිය කියනවා. ඒත් දාගන්න බෑ. අවම ශේෂය කිය කියා උන්ට පොලිය ගෙවනවා. මේ බැංකුවලට අපි අපේ හිගන පඩියෙන් පොලී ගෙවනවා. සාමාන්‍ය නෛතික තත්වය අනුව මුල් මුදල ඉක්මවා පොලිය ගන්න බෑ කියල තමයි ගරා දන්නෙ. මේ ක්‍රෙඩිට් කාඩ් සෙල්ලම තුල ඒ නීති අනුගමනය වෙනවද යන්න සැකයි. මොකද ඔවුන් අයකරන මේ කලුකඩ පොලිය මත ණය මුදලට සමාන පොලියක් නිර්මාණය වෙන්න වැඩි කාලයක් ගන්නෙ නැති නිසා.

මේ නිසා ක්‍රෙඩිට් කාඩ් අති භයානකයි. අහුවෙන්න එපා. ඔබගේ හිගන පඩියටත් කෙලව නොගන්න.

Friday, August 20, 2010

දළදා පෙරහැර, රණ විරුවෝ, රුජිණ හෝටලය සහ හුදී ජනයෝ

මේ මහනුවර දළදා පෙරහැර සමයයි. එය ලංකාවේ පැවති කුල වැඩවසම් ක්‍රමයේ සංකේතයක්. ඒක දේශීය නර්තනයන් හා වාදනයන් පිළිබඳ සම්ප්‍රදායිකත්වය දැකගත හැකි තැනක්. ඒක නියෝජනය කරන්නේ එකල මහා සම්ප්‍රදායය. ඒ එක්කම සිංහල සවිඥානකත්වය නියෝජනය කරන තැනක්.

මේ දවස්වල තියෙන නුවර පෙරහැර ලංකාවෙ නූතනම තත්වෙ හොදට පිළිඹිමු කරන තැනක්. ගරත් ගියා මේ පෙරහැර බලන්න. ඔන්න පෙරහැර ආරම්භ කරන තැනම රැජිණ හෝටලේ කොරිඩෝව සල්ලි වලට විකුණනවා. ඒ කෑල්ල ධනපතියොන්ට. ඊට ඉස්සරහ වැව ලඟ තියෙන ප්‍රදේශෙම රණවිරු කැලට. ඇයි ලංකාව දැන් මිලිටරි රාජ්‍යයක් නෙව. ඉතින් දැන් ධනපති රාජ්‍යයෙ ප්‍රභූවරුයි, ඒක ආරක්ෂා කරන හමුදාවයි මැද්දෙන් තමයි මේ නුවර පෙරහැර ආරම්භ වෙන්නෙ. පෙරහැර පිළිබිමු කරන්නෙ දැන් ලංකාවෙ උත්කර්ෂෙට නංවන "පෞඩ ඉතිහාසය". ඒකෙ තියෙන්නෙ කුල ධූරාවලිය අනුව සංවිධානය වෙච්ච ආකෘතියක්. තවමත් බොහෝ නැටුම් ශිල්පීන් නියෝජනය කරන්නෙ පහල කුල (ඒ මදිවට ඒකෙ උඩරට පහතරට භේදෙත් තියෙනවා). ඒ කියන්නෙ ලංකාවෙ ධනපති ක්‍රමයට කුල ක්‍රමය අතික්‍රමණය කරන්න බැරි වෙච්ච බව ඔප්පු කරන්න තවත් උදාහරණයක්.

මේ පෙරහැර බලන කොට ගරාට නිකමට හිතිච්ච තවත් දෙයක් තමයි, ආගමික පරිසරයක හැදිච්ච මේ කලාංගයන් කොතරම් ඒකාකාරීද, කොතරම් වර්ධනීයත්වයේ පතුලක තියෙනවාද යන්න.ගරාට හිතෙනව මේ නර්ථන හා වාදන අංග මීට වඩා වර්ධනය විය හැකිව තිබ්බ කියල. ආගමික හික්මීම් තුලින් මේ කලාංග වල වර්ධනයට බාධා ඇති වී තිබෙන බව නම් මුල් බැල්මෙන්ම පේනව. ඒත් මේ කාරණය ගැන ගරා වැඩිදුර කතා කරන්නෙ නැත්තෙ විෂයය ගැන දැනුවත් අයගේ සාක්ච්ඡාවකට නතර කරල තියන්න. මොකද ගරා ඒ ගැන විශේසඥයෙක් නෙවෙන හින්ද.

කොහොම උනත් ගරාට හිතෙන විධියට නුවර පෙරහැර කියන්නෙ ලංකාවෙ තියෙන අතිශය පසුගාමීම ආගමික උත්සවයක්. රටේ තියෙන දහ ජරා කුනුකන්දල් සේරම ඒකෙ තියෙනවා. ගරාටවත් මේ කපේදි කාල ඉවර කරගන්න බැරි තරමට.