Sunday, August 29, 2010

ක්‍රෙඩිට් කාඩ් - අති භයානකයි, ප්‍රවේශම් වන්න

ක්‍රෙඩිටි කාඩ් කියන්නෙ නවීන තාක්ෂණයෙ නිමවුමක්නෙ. ඒ එක්කම ඒක මධ්‍යම පංතිය තුල පාවිච්චි වෙන්නෙ පැෂන් එකක් හැටියට. ඒත් මේක මර උගුලක්. ලංකාවෙ සාමාන්‍ය මධ්‍යම පංතිකයෙක් ගන්න රැපියල් 15000-25000 ක් අතර වැටුපක්. බොහෝ වෙලාවට මේකෙනුත් බර ගානක් විවිධාකාර ණය මුදල් වශයෙන් ගෙවීම තමයි සම්ප්‍රදාය. මේ අතරට තමයි ණය කාඩ්පතුත් එන්නෙ. මේව විකුනන්න එන ඒ ඒ බැංකුවල නියෝජිතයො කියන්නෙ මේකෙ හොදම තමයි. ඒ වගේම බැලූ බැල්මටත් පේනවා බොලේ මේක හොද ක්‍රමයක් වගේ. අද ගත්ත බඩු වලට සල්ලි වලට ගෙවන්න වෙන්නෙ මාස එකහමාරකින් විතර. කිසිම පොලියකුත් නැහැ. ඉතින් කෙලවෙන්න පටන් ගන්නෙ මෙතැනින් තමයි. අපිට බොහොම පාරිභෝගික අවශ්‍යතා තියෙනවා. අපි ඒව තදකරගෙන ඉන්නෙ ඒව ගන්න විධියක් නැති හින්ද. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එකක් ලැබුණු ගමන් මේ අපහසුව යම් ආකාරයකින් නැතිවෙනවා. ඉතින් අපි කොච්චර ආර්ථික විශේෂයින් උනත්, තම තමන්ගේ සකසුරුවම ගැන කොච්චර කයිය ගහන අය වුනත් මේ ණය උගුලට අහු වෙනවා. ඉතින් බඩු ගන්නවා. පොලී රහිතව ගෙවන්න ලැබෙන දින පහුවෙනවා. මෙන්න බොලේ පොලිය අහස උසට ගන්න පටන් ගන්නවා. කැඩිච්ච සිංහලෙන් ලෝකයේ දේශීය බැංකු වලින් ගැටිස්සියෝ කතා කරලා සල්ලි දාපිය කියනවා. ඒත් දාගන්න බෑ. අවම ශේෂය කිය කියා උන්ට පොලිය ගෙවනවා. මේ බැංකුවලට අපි අපේ හිගන පඩියෙන් පොලී ගෙවනවා. සාමාන්‍ය නෛතික තත්වය අනුව මුල් මුදල ඉක්මවා පොලිය ගන්න බෑ කියල තමයි ගරා දන්නෙ. මේ ක්‍රෙඩිට් කාඩ් සෙල්ලම තුල ඒ නීති අනුගමනය වෙනවද යන්න සැකයි. මොකද ඔවුන් අයකරන මේ කලුකඩ පොලිය මත ණය මුදලට සමාන පොලියක් නිර්මාණය වෙන්න වැඩි කාලයක් ගන්නෙ නැති නිසා.

මේ නිසා ක්‍රෙඩිට් කාඩ් අති භයානකයි. අහුවෙන්න එපා. ඔබගේ හිගන පඩියටත් කෙලව නොගන්න.

2 comments:

  1. ඔලුවෙන් පාවිච්චි කරනවනම් අවුලක් නැහ. මම අවුරුදු 2ක් විතර වෙලේ ඉදන් කාර්ඩ් කීපයක් ම භාවිතා කරනවා. අමතක වීමක් නිසා එක් වරක් හැරෙන්න මම සත 5 ක් පොලිය ගෙවල නැහ. වෙලාවට සෙට්ල් කරා නම් හරි.. ආයෙ සෙට්ල් ඩෙට් එකෙන් පස්සෙ භාවිතා කරනවා.

    ReplyDelete
  2. හැබැයි ඕක ගානට මිම්මට පාවිච්චි කරන අයත් ඉන්නවා....මගේ නම් සකසුරුවම අන්තිමයි....ඒ හින්දා මට නම් නෝ කාඩ්ස්....:))))))...

    ReplyDelete