Friday, August 20, 2010

දළදා පෙරහැර, රණ විරුවෝ, රුජිණ හෝටලය සහ හුදී ජනයෝ

මේ මහනුවර දළදා පෙරහැර සමයයි. එය ලංකාවේ පැවති කුල වැඩවසම් ක්‍රමයේ සංකේතයක්. ඒක දේශීය නර්තනයන් හා වාදනයන් පිළිබඳ සම්ප්‍රදායිකත්වය දැකගත හැකි තැනක්. ඒක නියෝජනය කරන්නේ එකල මහා සම්ප්‍රදායය. ඒ එක්කම සිංහල සවිඥානකත්වය නියෝජනය කරන තැනක්.

මේ දවස්වල තියෙන නුවර පෙරහැර ලංකාවෙ නූතනම තත්වෙ හොදට පිළිඹිමු කරන තැනක්. ගරත් ගියා මේ පෙරහැර බලන්න. ඔන්න පෙරහැර ආරම්භ කරන තැනම රැජිණ හෝටලේ කොරිඩෝව සල්ලි වලට විකුණනවා. ඒ කෑල්ල ධනපතියොන්ට. ඊට ඉස්සරහ වැව ලඟ තියෙන ප්‍රදේශෙම රණවිරු කැලට. ඇයි ලංකාව දැන් මිලිටරි රාජ්‍යයක් නෙව. ඉතින් දැන් ධනපති රාජ්‍යයෙ ප්‍රභූවරුයි, ඒක ආරක්ෂා කරන හමුදාවයි මැද්දෙන් තමයි මේ නුවර පෙරහැර ආරම්භ වෙන්නෙ. පෙරහැර පිළිබිමු කරන්නෙ දැන් ලංකාවෙ උත්කර්ෂෙට නංවන "පෞඩ ඉතිහාසය". ඒකෙ තියෙන්නෙ කුල ධූරාවලිය අනුව සංවිධානය වෙච්ච ආකෘතියක්. තවමත් බොහෝ නැටුම් ශිල්පීන් නියෝජනය කරන්නෙ පහල කුල (ඒ මදිවට ඒකෙ උඩරට පහතරට භේදෙත් තියෙනවා). ඒ කියන්නෙ ලංකාවෙ ධනපති ක්‍රමයට කුල ක්‍රමය අතික්‍රමණය කරන්න බැරි වෙච්ච බව ඔප්පු කරන්න තවත් උදාහරණයක්.

මේ පෙරහැර බලන කොට ගරාට නිකමට හිතිච්ච තවත් දෙයක් තමයි, ආගමික පරිසරයක හැදිච්ච මේ කලාංගයන් කොතරම් ඒකාකාරීද, කොතරම් වර්ධනීයත්වයේ පතුලක තියෙනවාද යන්න.ගරාට හිතෙනව මේ නර්ථන හා වාදන අංග මීට වඩා වර්ධනය විය හැකිව තිබ්බ කියල. ආගමික හික්මීම් තුලින් මේ කලාංග වල වර්ධනයට බාධා ඇති වී තිබෙන බව නම් මුල් බැල්මෙන්ම පේනව. ඒත් මේ කාරණය ගැන ගරා වැඩිදුර කතා කරන්නෙ නැත්තෙ විෂයය ගැන දැනුවත් අයගේ සාක්ච්ඡාවකට නතර කරල තියන්න. මොකද ගරා ඒ ගැන විශේසඥයෙක් නෙවෙන හින්ද.

කොහොම උනත් ගරාට හිතෙන විධියට නුවර පෙරහැර කියන්නෙ ලංකාවෙ තියෙන අතිශය පසුගාමීම ආගමික උත්සවයක්. රටේ තියෙන දහ ජරා කුනුකන්දල් සේරම ඒකෙ තියෙනවා. ගරාටවත් මේ කපේදි කාල ඉවර කරගන්න බැරි තරමට.

No comments:

Post a Comment